27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News08 වැනි මහලෙන් බිමට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

08 වැනි මහලෙන් බිමට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 06 ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචි 49 හැවිරිදි කාන්තාවක් බවයි.

මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවයි පොලීසිය පවසන්නේ.

ඇය විවාහක එක්දරු මවක් වන අතර ඇයගේ සැමියා ඊට පෙර දින පුද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් සිට ඇති බවත් සිද්ධිය වූ දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටිය දී, ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.