28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅග්නිදිග විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

අග්නිදිග විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

අම්පාර, ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අද (10) සිට ලබන 16 වැනිදා දක්වා අත්හිටුවා ඇති බව උපකුලපති මහාචාර්ය රමීස් අබුබකර් පවසයි.

අයහපත් කාලගුණය සහ ගංවතුර අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇති විය හැකි අවදානම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් නේවාසිකාගාරයේ රැඳී සිටි සියලුම සිසුන් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර විශ්වවිද්‍යාල පහත් බිම් ප්‍රදේශයෙන් සොයාගත් චංචල දේපළ ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇති බව උපකුලපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.