― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවලෝකිතේෂ්වරගෙන් අස්ගිරි විහාරයට යතුරක්

අවලෝකිතේෂ්වරගෙන් අස්ගිරි විහාරයට යතුරක්

අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා අස්ගිරි මහා විහාරයට යතුරක් සමග යම් දෙයක් පරිත්‍යාග කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (10) අනාවරණය කළා.

අස්ගිරි මහා විහාරයට මහින්ද කොඩිතුවක්කු සහ අනුගාමිකයන් ගොස් ඇති බවයි උන්වහන්සේ එහි ඡායාරූප පෙන්වමින් ප්‍රකාශ කළේ.

ථේරවාදී බුදු දහම විනාශ කරන මෙවන් විකෘති ලිංගික ආශා ඇති මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා ථේරවාදී බුදු සසුන සුරකින මහා නාහිමිවරු ආශීර්වාද කරන්නේ නම් තරුණ හිමිවරුන් වූ තමන් කුමක් කරන්න ද යන්න බලංගොඩ කස්සප හිමියන් විමසා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ පිටිදූවේ සිරිධම්ම හා උඩුවේ ධම්මාලෝක හිමිවරුන් මහායානය බිහිවීමට හේතු වූ නොපැසුණු රා ප්‍රසිද්ධියේ අනුභව කරමින් කරන ක්‍රියාවට මෙන්ම පසුගිය දිනවල භික්ෂූන් වහන්සේලා සිදුකළ විනය විරෝධී ක්‍රියාවලට කිසිදු විනය ක්‍රියාමාර්ගයක් උන්වහන්සේලා අනුගමනය නොකළ බවයි.

හඳපානාගල නිවාතාප හිමි වැනි අයගේ පැවිදි පිංකම් සඳහා අනුනායක හිමිවරු සම්බන්ධ වී සසුන විනාශ කිරීමට කටයුතු කරන බවට ද බලංගොඩ කස්සප හිමියන් චෝදනා කළා.

එමෙන්ම මහනායක හිමිවරු බුදු සසුන සුරැකීම වෙනුවට වැනසීම සිදුකරන්නේ නම් කුලය බලා පැවිදි කරන්නේ නම් නිකාය කුල භේදයෙන් තොරව භික්ෂූන් වහන්සේලාට එකතු වන ලෙසටයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

අවලෝකිතේෂ්වර බෝධිසත්ව ලෙසට පෙනී සිටින පුද්ගලයාගේ නියෝජිතයන් යතුරක් ද රැගෙන ගොස් මහනායක හිමිවරුන්ට ලබාදුන් දේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ යුතු බව බලංගොඩ කස්සප හිමියන් සඳහන් කරනවා.

අස්ගිරි මහා විහාරයට යාමට සාමාන්‍ය පුද්ගලයෙකුට අවස්ථාවක් ද හිමි නොවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.