27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉක්වදෝරයේ තුවක්කුකරුවන් සජීවී රූපවාහිනී මැදිරියකට කඩා වදියි

ඉක්වදෝරයේ තුවක්කුකරුවන් සජීවී රූපවාහිනී මැදිරියකට කඩා වදියි

ඉක්වදෝරයේ රූපවාහිනී නාළිකාවක සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එම මැදිරියට කඩා වැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සන්නද්ධ කණ්ඩායම වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදකයන්ට සහ ඊට සහභාගි වී සිටි පිරිසට තුවක්කු දිගුකර බියගන්වා ප්‍රාණ ඇපයට ගනිමින් මරණීය තර්ජනය කර ඇති බවයි.

එම සිදුවීම සජීවීව අදාළ නාළිකාව ඔස්සේ විකාශය වී අති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ රූපවාහිනි නාලිකාව වටලා සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පිරිස ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.