― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋතුරේ ඉඩම් ගැටලුවලට මාස 02කින් විසඳුම්

උතුරේ ඉඩම් ගැටලුවලට මාස 02කින් විසඳුම්

උතුරේ පදිංචි සියලුම ජනතාවගේ ඉඩම් හිමිකම් ගැටලු ඉදිරි මාස දෙක තුළ විසඳීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අද පාර්ලිමේන්තුවේ දී මතු කළ ගැටලුවට පිළිතුරු ලබාදෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මධ්‍යම පාන්තික ඉඩම් වැඩසටහන යටතේ ස්ථිර පදිංචිකරුවන්ට ඉඩම් ඔප්පු සහ රජයේ සුබසාධන යෝජනා ක්‍රම ලබාදීමට අවශ්‍ය පියවර ගත හැකිද යන්න නිර්මලනාදන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් රජය දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනවසර පදිංචිකරුවන් හඳුනාගෙන ඔවුන්ට එම ඉඩම්වල පදිංචි වීමට අවසර ලබාදීමේ හැකියාව සොයා බලා එම ඉඩම්වල පදිංචිය පිළිබඳ සහතික ලබාදීමට කටයුතු කරන බවයි.

ඇතැම් ඉඩම්වල පදිංචිකරුවන් සහ මුල් අයිතිකරුවන් අතර එකඟතාවකට පැමිණීමට හැකි වූ නමුත් එවැනි එකඟතාවකට පැමිණීමට නොහැකි වූ තැන්වලදී ඉඩම් අයිතිය ලබාදීම ප්‍රමාද වූ බවද ඔහු පැහැදිලි කර තිබෙනවා.

ජනාධිපතිවරයා අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ඉඩම් ඔප්පු වැඩසටහනට ප්‍රමුඛත්වය ලබා දෙමින් උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

නීත්‍යානුකූල පදිංචිකරුවන් හෝ නැතත් සියලුම නිවැසියන්ට අවශ්‍ය සුබසාධනය හෝ ආධාර ලබාදීමට රජය බැඳී සිටින බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ගොවිතැන්, ධීවර හෝ වෙනත් ක්ෂේත්‍රවල නියැලෙන සියලුම දෙනාට ලැබිය යුතු සහනාධාර සහ සුබසාධන සේවා ලබා දෙන බවත් වැඩසටහනේ අඩුපාඩු ඇත්නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් ඔහු සඳහන් කළා.

ගරු නිර්මලනාදන් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය අපි ඉතාම අගය කරනවා. ඒවාගේම මේ ප්‍රශ්නයට සම්බන්ධව කරුණු රජයේ අවධානයට යොමුවී තිබෙනවා. විශේෂයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පළමුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ යම් යම් ග්‍රාම නිලධාරී කොටඨාශවල දීර්ඝ කාලයක බිම් බෝම්බ වළලා තිබූ ප්‍රදේශ නිදහස් කර ගැනීමට පුළුවන් වුණේ අවුරුදු ගණනාවක ක්‍රියා මාර්ගයන් හරහා. ඒ නිසා සමහර ප්‍රදේශවලට තාවකාලිකව පදිංචි වුණු අය ස්ථීර පදිංචියට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වූ ආරක්ෂක සහතිකයන් සහ ඒ අයගේ ජීවිත පිළිබඳ සැපයිය යුතු විවිධ සේවාවල් ලබා දීමට අවශ්‍ය කටයුතු ප්‍රමුඛත්වයට ගෙනෙන්න ජනාධිපතිතුමා උතුරු ප්‍රදේශයට ගියපු හැම අවස්ථාවකම ගරු මන්ත්‍රීතුමාලා හා රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා සමඟ සාකච්ඡා කොට අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මේ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ ඔබතුමා සඳහන් කළ විදිහට පවුල් 1600ක ලියවිල්ලක් නොමැති තත්වය මෙලෙස දැනට පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පහත සඳහන් ග්‍රාම නිලධාරී කොට්ඨාශවල මධ්‍ය පාන්තික ඉඩම් පිළිබඳ තොරතුරු මෙසේ ඉදිරිපත් කරනවා. දැනට ලැබී තියෙන තත්වය නිවැරදි කිරීමට ඉදිරියේදී යටත්ව. ග්‍රාම නිලධාරී කොට්ඨශ දේවිපුරම් 140යි, මන්නකන්ඩාල් 66යි, ඉරනෛප්පලායි 10යි, සුදන්දිරපුරම් 23යි, උතුර උඩයාර්කඩ්ඩු 08යි. ඊට අතිරේකව ඉඩම්වල පදිංචි අනවසර පවුල් සංඛ්‍යාව සහ බලපත්‍ර පවුල් සංඛ්‍යාව පහත පරිදි ඉදිරිපත් කරනවා. ඒ විස්තර මම ඉදිරිපත් කරනවා. ඔබතුමාට ලැබෙන්න සලස්වන්නම්.

ඒ අනුව ඇතැම් ඉඩම් කට්ටි සංවර්ධනය නොවූ තත්වයෙන් පැවතීම මත මෙම ඉඩම් කට්ටිවල උතුරු, නැගෙනහිර පළාත්වල පැවති අවතැන් වුණු ජනතාව කොටස් වශයෙන් බෙදාගනෙ පදිංචි සංවර්ධනය කිරිම මත එම අනවසරකරුවන් නියමානුකූල කිරීමට අවශ්‍ය ලේඛන ලබා ගැනීම ගැටලු සහගත වුව ද දිසාපතිතුමා හා ප්‍රාදේශීය ලේකම්වරු හරහා ප්‍රගතියක් ලබා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමත් ඒ පිළිබඳව දක්වන ලද සහයෝගය සංවර්ධන කොමිටියේ මේ අවස්ථාවේ සටහන් කරන්න කැමතියි.

මෙලෙස මධ්‍ය පන්තික පවුල් කුටුම්භ සඳහා ඉඩම් ලබා දීමේ වැඩසටහන යටතේ ලබා දී ඇති ඉඩම් සඳහා මූල්‍ය හිමිකරුවන්, උරුමක්කරුවන් විසින් විවිධ ලේඛන, හිම්කම් ඉල්ලා පැමිණීම මත හිමිකම් ඉල්ලා සිටින්නන්ගේ හා අනවසරයන් යම් එකඟතාවයන් යනු ඇතැම් අනවසරකරුවන් වෙත ලේඛන ලබා දීමට කටයුතු කර ඇතිමුත් ඇතැම් ඉඩම් සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැක‍ි වීම හා අනවසරයෙන් සංවර්ධනය කිරීම කරන ලද ඉඩම් සම්පූර්ණයෙන්ම ලබා දීමට ඉඩම් හිමිකරුවන් විසින් එකඟ නොවිම මත ඉදිරි කටයුතු ප්‍රමාද වෙලා තිබෙනවා. ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ අවතැන් වූ හා තවමත් එම ඉඩම්වල පදිංචි වී සිටින බහුතර ජනතාවකට ඔවුනට දැනට ලබා ගෙන තිබෙන MCC ඉඩම් සඳහා නීත්‍යානුකූල ලියකියවිලි නොමැති වීමයි. මේ අයට වෙන කිසිම ප්‍රදේශයක වෙනත් ඉඩම් නොමැතිකම මත මේ ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරගෙන යනවා.

ඊළඟට යුධ සමයේ තිබුණු තත්ත්වය නිරවුද කර ගැනීමට පුළුවන් බව ඔබතුමාට අපි දැනුම් දීමට කැමතියි. ඒ වාගේම ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලද ඉඩම් ඔප්පු ලබාදීමේ ඉලක්කය මේ අයවැය ලේඛනයේ මේ ප්‍රදේශය ද සාර්ථක කර ගැනීමට අවශ්‍ය පියවර ප්‍රමුඛත්වයට ගෙනල්ලා තිබෙනවා.

මන්ත්‍රීතුමා අහන ඊළඟ වැදගත් කොටස තමයි මේ පදිංචිකරුවන් හැම දෙනාටම ලැබෙන සහනාධාර මේ අයිතිය තිබුණ ද නැද්ද සියලුදෙනාට ලබාදීම සඳහා වූ තත්ත්වයන් ඇති වී තිබෙනවා නම් ඒවාට මැදිහත් වෙන ලෙසයි. රජයේ ප්‍රතිපත්තියක් ලෙස එය පිළිගෙන තිබෙනවා. අපේ දිසාපතිතුමා කැඳවන සංවර්ධන කොමිටියේ දී හි අඩුපාඩුකම් තිබෙනවා නම්, ගරු මන්ත්‍රීතුමාට යළි ඉදිරිපත් කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

මොකද ඒ සැම දෙනාටම මිනිස් ජීවිතයේ පැවැත්ම ගෙන යාමට නීත්‍යානුකූල ද නොවන ද හෝ එය ඉඩම්වල දැනට ජීවිතය ගත කරන සැම දෙනාට ඒ අවශ්‍ය සුභසාධන හෝ ආධාර ගොවිතැනට, ධීවර කටයුතු සඳහා හෝ වෙනත් ආදායම් මාර්ගයකට පිවිසෙන හැමදෙනාටම ලබා දීමට අපි බැඳී සිටිනවා. මන්ත්‍රීතුමා කියන කාරණයට ප්‍රමුඛත්වය දෙමින්, ජනාධිපතිතුමා උතුරු ප්‍රදේශයේ යළි සංචාරයක යෙදුණා ගිය සතියේ. සෑම ප්‍රදේශයකම පදිංචිකරුවන්ගේ පදිංචිය සනාථ කොට ඔවුනට ඉඩම් ඔප්පුවේ සනාථ කර ගැනීම සඳහා ලබාගත හැකි තොරතුරු ඉදිරිපත් කිරීම මත ප්‍රමුඛත්වයෙන් මේ ඉඩම් හා පදිංචිය පිළිබඳ සහතිකයන් ලබා දීම අපි ඉක්මන් කරගෙන යනවා. ඉදිරි මාස දෙක තුළ රජය මේ ක්‍රියාත්මක කරන්නට සාර්ථකව වේගවත් කරන්න කටයුතු කරන ආරම්භ කරලා තිබෙනවා මේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින ජනතාවට. ඒ අතරතුර කිසිම ගොවිතැනක් කරන ප්‍රදේශයක හෝ පදිංචියක සිටින ජනතාව අනවසර ද, අවසර ද කියන කාරණාවල් මත එලවා දමන්නේ නැති බවත් ප්‍රකාශ කරන්න කැමතියි.”