29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඔන්ලයින් ඔස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් අල්ලයි

ඔන්ලයින් ඔස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් අල්ලයි

ඔන්ලයින් ඔස්සේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සමඟ අත්තිඩිය ප්‍රදේශයේදී (09) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකකෙරෙන මුදලින් රුපියල් දෙලක්ෂ දෙදහක්, ජංගම දුරකථන දෙකක්, ඩිජිටල් තරාදියක් සහා ගුවන් ගමන් බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

දෙහිවල පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු තිහක් පමණ වන සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර දෙහිවල ප්‍රදේශයේ කුලී නිවසක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවයි පොලිසිය පවසන්නේ.