ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ ගාල්ල කළුවැල්ල ප්රදේශයේදී අද (10) දහවල් පාරට ගසක් කඩා වැටී තිබෙනවා.
ගස කඩාවැටීම නිසා යතුරු පැදි තුනකට හානි සිදුව ඇති අතර ගාල්ල සිට කොළඹ දෙසට එක් මංතීරුවක් අවහිර වීම නිසා ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවයි අප වර්තාකරු පැවසුවේ.
කාර්යබහුල මාර්ගයක් වන මෙම මාර්ගයේ වාහන හෝ ජනතාව ගමන් ගත්තේ නම් ගස උදුරා වැටීමෙන් විශාල අනතුරක් වීමට ඉඩ තිබූ බවයි ජනතාව පවසන්නේ.
කෙසේනමුත් මේ හේතුවෙන් විශාල රථවාහන තදබදයක් පැවති අතර පසුව ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පැමිණ ගස කපා ඉවත් කර තිබෙනවා.