― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා අත්අඩංගුවට

ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා අත්අඩංගුවට

කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙකු ගුවන් සේවා නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල, මඩපාත, ජබුරලිය පදිංචිව සිටි මාපිටියගේ දුලාංජලී අනුරුද්ධිකා නමැති 42 එක්දරු මවක් බවයි.

රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් ඇයගේ ගෙලට කඩුවකින් පහර දී පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

බරපතළ තුවාල ලද ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනය කළ සැකකරු අද (10) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.