30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentටිපර් - මෝටර් රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

ටිපර් – මෝටර් රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

වාද්දුව – තල්පිටිය පාලම මතදී අද (10) දහවල් ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ටිපර් රථය පෙරළී ගොස් එහි රියදුරු සහ සහායක තුවාල ලබා ඇති බවයි.

ටිපර් රථය කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර මෝටර් රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති බවත් වාහන දෙකෙහිම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවත් පොලිසිය පවසනවා.

තුවාලකරුවන් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.