― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඩයනාගේ පෙත්සම් විභාගය කල් යයි

ඩයනාගේ පෙත්සම් විභාගය කල් යයි

සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට සමගි බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ විභාගය කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙම පෙත්සමය විභාගය අද ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත් විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් පෙත්සම් විභාගය කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.

ඒ අනුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වැනිදා දක්වා කල් තැබීමටද අධිකරණය තීන්දු කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්මත කිරීමට අදාළ ඡන්ද විමසීම පැවැති අවස්ථාවේදී එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් ඩයනා ගමගේ ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබුණා.

එම තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ විසින් මෙම ඉදිරිපත් කර තිබුණා.