― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුඹුරු සීනි මිලත් නගියි

දුඹුරු සීනි මිලත් නගියි

වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී තිබෙනවා.

සීනි ව්‍යාපාරිකයින් පවසන්නේ වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන් මෙලෙස දුඹුරු සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.

පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලාවලින් පමණක් දුඹුරු සීනි නිෂ්පාදනය කරනු ලබන අතර ඊයේ (09) පැවති ටෙන්ඩරයකින් පසු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 322ක මුදලකට අලෙවි වී තිබෙනවා.

ඒ අනුව වැට් බද්ද 18% හා සමාජ ආරක්ෂණ බද්ද 2.6%ක් එකතු වීමෙන් පසු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 390 ඉක්මවා ඇති බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ.

ඔවුන් ඊට සිය ලාභය ද එකතු කළ පසු දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 415 කටයි.