26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අද (10) දහවල් විවෘත කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින අධික වර්ෂාව හේතුවෙන් වාන් දොරටු විවර කිරීමට පියවර ගත් බවයි.

ඒ මේ අනුව අඩි දෙකක් බැගින් වාන් දොරටු දහයම විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2500ක ජල ස්කන්ධයක් පිටවනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ අනුව පොළොන්නරුව මනම්පිටිය ගල් ලෑල්ල ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් සෝමාවතී ප්‍රදේශයේද ජල මට්ටමේ ඉහළ එයා හැකි බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාව අවධානයෙන් පසු විය යුතු බවත්ය.