― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාරිභෝගිකයින් රවටා ලාභ ලබන වෙළෙඳුන්ට දැඩි නීති

පාරිභෝගිකයින් රවටා ලාභ ලබන වෙළෙඳුන්ට දැඩි නීති

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුළුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (09) පැවැති වැට් බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයට එක්වෙමින්.

කුමන ආර්ථික මට්ටමක සිටියත් මේ කාලය සෑම පුද්ගලයකුට ඉතා අසීරු කාලයක් බව කිව යුතුයි. සෑම පුද්ගලයකුගේම ආදායම අඩුවී වියදම වැඩිවී ඇති නිසා දුෂ්කරතාවන් මතුව තිබෙනවා. රටම මුහුණ දී සිටින ප්‍රශ්නය අවබෝධ කරගෙන ඒ සඳහා රජය ගෙනයන මේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව තේරුම් ගත යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ඒ සඳහා බදු පදනම පුළුල් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටිනවා. ඒ තුළ මෙතෙක් 20% ක්ව පැවති සෘජු බදු ප්‍රතිශතය 30%ක් දක්වා ක්‍රමාණුකූලව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. එම සෘජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා තවදුරටත් වැඩි කිරීමට මේ වන විට රජය සැලසුම් කර තිබෙනවා. එතුළින් වක්‍ර බදු ප්‍රතිශතය ඉදිරියේදී අඩු කිරීමේ හැකියාව රජයට තිබෙනවා.

ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලැබීමේ නිරත වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා ද නීති දැඩිව ක්‍රියාත්මක කරනවා.”