30 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිල නොගෙවූ දස ලක්ෂයකගේ විදුලිය විසන්ධි කරලා

බිල නොගෙවූ දස ලක්ෂයකගේ විදුලිය විසන්ධි කරලා

පසුගිය කාලය තුළ විදුලි බිල් නොගෙවීම සම්බන්ධයෙන් දසලක්ෂ හැටහතර දහස් හාරසීයකගේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය නව ලක්ෂ හැටපන්දාස් පන්සිය හැට හයක් විදුලි විසන්ධි කර ඇති අතර ලෙකෝ ආයතනය මගින් අනූ අටදාස් අටසිය තිස් හතරක් විදුලි විසන්ධි කර තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බිල අඩු කිරීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා කරගෙන යන බවත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම විදුලි බිල අඩු වනු ඇති බවත්ය.