32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලොව විශාලතම බහාලුම් නෞකාව පළමු වර දියඹට

ලොව විශාලතම බහාලුම් නෞකාව පළමු වර දියඹට

ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කිරීමට නියමිතය.

‘OOCL Valencia’ නමැති එම නෞකාව ඊයේ (09) පෙරවරුවේ චීනයේ යැංසි ගංගාවේ පළමුවරට යාත්‍රා කළ අතර චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙහි නිපැයුම් කටයුතු අවසන් වූයේ 2024 වසරේ දීය.

මෙම නෞකාව දිගින් මීටර් 399.99 කින් යුක්ත වන අතර එහි පළල මීටර් 61.3 ක් හා උස මීටර් 33.2 කි.

ප්‍රමිතිගත බහාලුම් 24188 ක් ප්‍රවාහනය කළ හැකි ‘OOCL Valencia’ යාත්‍රාව ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුමක් ලෙස මෙය සැලකේ.