27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

විශ්‍රාම දීමනා ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

වසර ගණනාවක් පුරා ප්‍රමාදවෙමින් පවතින විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා වූ මුල්‍යමය අර්බුදයකට අපි මුහුණදුන්නා. ඒ අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් අතර දීර්ඝව පැවැති සාකච්ඡාවන් නිසා ක්‍රමනුකූලව මෙය ලිහිල් කරගැනීම සඳහා වූ කාර්යට අවතීර්ණය වෙන්න පුළුවන් වුණා. ඒ අනුව 2023 දෙසැම්බර් මාසය මුදල් අමාත්‍යාංශය විසින් අපිට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයින් මුහුණදුන් විශාල ජයග්‍රහණයක්.