ඇෆ්ගනිස්ථානයේ අද පස්වරු 2.30ට පමණ රිච්ටර් මාපක 6.3ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය ගොඩබිම සිට කිලෝමීටර් 201ක් (සැතපුම් 124.9 ක්) ගැඹුරු මුහුදේ සිදුව ඇති බවයි.
උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට මෙම භූ කම්පනය දැනී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.