28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිරියේදී ජල බිලටත් සහනයක්

ඉදිරියේදී ජල බිලටත් සහනයක්

ඉදිරියේදී විදුලි බිල අඩු කිරීමට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) මහනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට රජය වශයෙන් පියවර ගනිමින් සිටින බවයි.

මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් ජනතාව පීඩනයට පත් කිරීමට අපි කටයුතු කරන්නේ නෑ. ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි විදුලිය. ඉතින් විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අපි අඩු කරනවා.