31.1 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැනේඩියානු මහ කොමසාරිස් හා උතුරේ ආණ්ඩුකාර අතර හමුවක්

කැනේඩියානු මහ කොමසාරිස් හා උතුරේ ආණ්ඩුකාර අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් හා උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් අතර සාකච්ජාවක් ඊයේ (10) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

කැනඩාවේ බොහෝ ආයෝජකයින් උතුරු පළාතේ ආයෝජනය කිරීමට උනන්දු වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවටත් ඉදිරියටත් ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගත යුතු බවත් ආණ්ඩුකාරවරිය එහිදී පවසා තිබෙනවා.

කැනඩා රජය උතුරු පළාතේ සිදු කිරීමට සැලසුම් කර ඇති හරිත බලශක්ති ව්‍යාපෘති, ආර්ථික සංවර්ධන ව්‍යාපෘති, නැවත පදිංචි කිරීම් ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන්ද කැනඩා මහ කොමසාරිස්වරයා හා ආණ්ඩුකාරවරිය සාකච්ඡා කළහ.

කැනඩා රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක උතුරු පළාතේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන්ද එහිදී කැනඩා මහ කොමසාරිස්වරයා විමසීය.