32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකෝටි දෙකක ගංජා යාපනයෙන් අල්ලයි

කෝටි දෙකක ගංජා යාපනයෙන් අල්ලයි

යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 90 ක් සමඟ සැකකරුවෙකු ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ යුධ හමුදා බුද්ධි තොරතුරකට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ගංජා තොගය හා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා කේරළ ගංජා තොගයක් ජාවාරම්කරුවෙකුට ලබාදීමට සූදානම් කොට තිබියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු හා අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුතු වන බවද ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කෝපායි පොලිසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.