28 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ල බන්ධනාගාරයේ කටයුතු යළි ඇරඹේ

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු යළි ඇරඹේ

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු ලබන සෙනසුරාදා සිට යළි ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල බන්ධනාගාරයෙන් මොලේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීම හේතුවෙන් එහි කටයුතු සීමා කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.

පසුගියදා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ රෝගයෙන් මියගිය අතර තවත් රැඳවියන් 08 දෙනෙකු උණ රෝග තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

මේ වනවිට ඉන් රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා ඇති අතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.