31.1 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටින්මාළු ආනයනය තාවකාලිකව නවතී

ටින්මාළු ආනයනය තාවකාලිකව නවතී

ටින්මාළු ආනයනය අද (11) සිට නවත්වන්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා උපදෙස් ලබා දී තිබෙනවා.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේ
දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා අමාත්‍යවරයා විසින් මෙම උපදෙස ලබාදුන් බවයි.

ධීවර අමාත්‍යාංශයේදී ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය දේවානන්දා අතර පැවති සාකච්ඡාවේදී වර්ථමානයේ ටින්මාළු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු රැසක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ ටින් මාළු ටොන් 8000ක් පමණ විදේශිය රටවලින් ගෙන්වීම හේතුකොට ගෙන දේශීය ටින්මාළු අලෙවි කර ගැනීමට දේශීය වෙළදපොලේ නොහැකි වී ඇති බව ඔවුන් අමාත්‍යවරයාට පවසා තිබෙනවා.

විශේෂයෙන් විදේශයෙන් ගෙන්වන ලද ටින් මාළු වල මිල අඩු වී ඇති බවත් වර්තමානයේ රජය විසින් පනවා ඇති වැට් සහ සෙස් බදු හේතුවෙන් තමන්ට ආනයනික ටින් මාළු ලබා දෙන මිලට සිය නිෂ්පාදන ලබා දීමට නොහැකි බැවින් සිය කර්මාන්තශාලා මේ වනවිට වසා දැමීමට සිදු වී ඇති බවත් එම නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා අද සිට ටින් මාළු ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.