ටින් අංකය ජනතාවට හා තරුණයන්ට විශාල පීඩනයක් වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
“තරුණයන්ට රැකියා නැහැ. ටින් අංක දෙනවා. ආදායම අනුව තමයි ලියාපදිංචි කරන්න ඕන. අවුරුදු 18දී අපි එදා බදු ගෙව්වද. අපි නීති විද්‍යාලයට ගිහිල්ලා පිටවෙලා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි බදු ගෙව්වේ. මේක ජනතාවට තරුණයන්ට පීඩනයක්. ටින් නම්බරයක් ඇරියෙ නැතිවුණොත් නඩු දානවා කියන එක පීඩනයක්. පරාතී නීතිය අත්හිටුවන්න කියලා අපි ඉල්ලුවා. මේ ආණ්ඩුව ඒ නීතිය අත්හිටෙව්වේ පොළොන්නරුවේ වී මෝල්කාරයන්ට විතරයි.“