දිස්ත්රික්ක 10ක ප්රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් පනවා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මොණරාගල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් අද (11) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.