24 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් නිලධාරියෙකුට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක්

පොලිස් නිලධාරියෙකුට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය, ඌර්කාවතුරේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය පැවසුවේ මෙම භූමිතෙල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (10) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බවයි.

භූමිතෙල් බෝම්බය නිසි ලෙස පිපිරී ගින්නක් හට නොගැනීම නිසා පොලිස් නිලධාරියාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරියා මේ බව ඌර්කාවතුරේ පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාල ප්‍රදේශය පරීක්ෂා කොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනාව ඌර්කාවතුරේ හා මණ්ඩතීව් ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාව වන විට ඔවුන් දැඩි ලෙස බීමත්ව සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්දයෙන් ඌර්කාවතුරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.