30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැස්සෙන් දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

වැස්සෙන් දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට (12) පෙරවරු 06.05 ට මඩකලපුව හා ත්‍රිකුණාමලය බලා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පූනානී හා වාලච්චේන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එමෙන්ම කොළඹ කොටුව සිට මඩකලපුව බලා අද (11) රාත්‍රියේ ධාවනය වීමට නියමිත මීනගයා රාත්‍රී තැපැල් දුම්රියද අවලංගු කර තිබෙනවා.

ඒ අනුව රාත්‍රී 7.15 ට කොළඹ කොටුව සිට මඩකලපුවත්, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රියන් අවලංගු කිරීමට පියවර ගෙන ඇත.