26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හූති කැරලිකරුවන්ට ප්‍රහාර

අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හූති කැරලිකරුවන්ට ප්‍රහාර

ඇමරිකා එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදාවන් යේමනයේ හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම සඳහා නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බහරේනය සහාය ලබා දුන් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් පවසන්නේ රාජකීය ගුවන් හමුදාවේ යුධ ගුවන් යානා මෙම ඉලක්කගත ප්‍රහාර සිදුකිරීමට සහාය ලබාදුන් බවයි.

හූතිවරු යේමනයේ බොහෝ ප්‍රදේශ පාලනය කරන අතර ඊශ්‍රායලයට යන නැව් ගමනාගමනය ඉලක්ක කර ගනිමින් මිත්‍ර හමාස් සංවිධානයට සහාය දක්වන බවටද තොරතුරු වාර්තා වනවා.

පසුගිය නොවැම්බර් 19 වනදා සිට හූති කැරළිකරුවන් විසින් රතු මුහුදේ නෞකා වෙත ප්‍රහාර 27ක් එල්ල කර ඇති බව අමෙරිකාව පවසනවා.