27.8 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔන්ලයින් ණය ජාවාරමට අලුත් නීති

ඔන්ලයින් ණය ජාවාරමට අලුත් නීති

මාර්ග ගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ සිදුකරන ණය ජාවාරම් මර්දනය කිරීමට බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

අද (12) පාර්ලිමේන්තුවේදී ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත්, ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්නවලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබා ගැනීමට නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව ද ඔහු සඳහන් කර සිටියා.