කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 12, මාටිස් පටුමග ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් 48 හැවිරිද මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අපරාධ කල්ලි සමාජික නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රෝෂාන් නොහොත් ‘කෙසෙල්වත්ත දනුක’ යන අයගේ ගෝලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා පසුගිය වසරේ 07 වැනි මස 23 වැනිදා කොළඹ 12, අංක 10/12 සෝන්ඩර්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි කාවින්ද දිල්ශාන් නොහොත් ‘පොඩි කවී’ යන අය ඝාතනය කිරීමට ඔත්තු සැපයූ පුද්ගලයකු බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ හේතුව මත ඔහුව මෙලෙස ඝාතනය කරන්නට ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම පුද්ගලයා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි අයෙකු වන අතර 2005 වසරේ 08 වන මස 24 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ ඩයස් ප්‍රදේශයේ පුර්වාරාම පන්සල ආසන්නයේ දී පුද්ගලයකුට පොලුවලින් පහර දී ඝාතනය කර එම නඩුවෙන් නිදහස් වී සිටි අයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා.