29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංවතුර මැද සිමෙන්ති ලොරියක් පෙරළෙයි

ගංවතුර මැද සිමෙන්ති ලොරියක් පෙරළෙයි

ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක් පූනානි ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා.

වාච්චේන, පූනානි ප්‍රදේශයේ අඩි 03ක් පමණ ජලයෙන් යටව පවතින අවස්ථාවේ දී ලොරි රථය ගංවතුර මැදින් ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී එය පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාලච්චේන පොලිසියේ සඳහන් කළේ.

මෙම අනතුරින් ලොරි රථය මඟින් ප්‍රවාහනය කරමින් තිබූ සිමෙන්ති මිටි 600ක් පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් රථයේ රියදුරුට සහ සහායකයාට හානියක් සිදුව නැහැ. පොළොන්නරුව – මාදුරුඔය, කුඩාඔය, පූනානි විල්ලූව පිටාරගැලීම හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, පූනානි අතර ස්ථාන පහක් පමණ ජලයෙන් යටව පවතින බවයි පොලිසිය සඳහන් කළේ.