― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්වුණා.

ඒ දෙරට අතර අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 8කින් ජය ගනිමින්. අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 97ක්.

තරගයේ කාසියේ වාසිය හිමිවූ සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. ඔවුන්ගේ ඉනිමට අවස්ථා දෙකකදී වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

පළමු අවස්ථාවේ වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය යළි ආරම්භ කෙරුණේ එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් ලබාදී තීරණය කිරීමෙන් අනතුරුවයි.

එහෙත් සුළු වේලාවකින් යළිත් වැසි පතිත වීම හමුවේ තරගය තාවකාලිකව නතර කරනු ලැබුවා. පසුව රාත්‍රී 8ට යළි තරගය ආරම්භ කළේ එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට ගත් තීරණයත් සමගයි.

සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 96ක් පමණයි.

Joylord Gumbie ලකුණු 41ක් රැස් කළා. සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකුම දැවී ගියේ ලකුණු 10ට අඩුවෙන් ලබා සිටියදීයි. ක්‍රීඩකයන් දෙදෙනෙක් කිසිදු ලකුණක් නොලබාම පිටියෙන් ඉවත්වුණා.

වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 7ක් බිඳහෙලුවා. වනිඳු හසරංගගේ එක්දින ක්‍රිකට් දිවියේ හොඳම කඩුලු දවා ගැනීම ලෙසට සැලකෙන්නේ ද මෙයයි.

ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුෂංක එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66ක් රැස් කළා. අද එක්දින වරම් හිමි කරගත් ශෙවොන් ඩැනියෙල් ලකුණු 12යි. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 14ක් ලබා ගත්තා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත තරගාවලිය ලබන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ රාත්‍රී 7ටයි.