රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 33,687කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
කෙසේනමුත් අවතැන් වූ පිරිසට සහන සැලසීමට රජය පියවර ගෙන තිබෙනවා.
කාලගුණික තත්ත්වයෙන් වැඩිම හානි සිදුව ඇත්තේ නැගෙනහිර හා අම්පාර ප්‍රදේශයට වන අතර මොනරාගල, නුවරඑළිය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ 3ක් ද හමූ වී ඇති බවයි වාර්තා වන්නේ.