26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipදුනිත්ගේ හා චමීරගේ උපන්දිනය සැමරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

දුනිත්ගේ හා චමීරගේ උපන්දිනය සැමරූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (11) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 08කින් ජය ගැනීමෙන් අනතුරුවයි.

මෙම ජයග්‍රහණයේ සතුටත් සමඟ උපන්දින සැමරුම් දෙකක් පවත්වන්නට තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේම කටයුතු කර තිබුණා.

ඒ ඊයේ දිනට උපන්දින යෙදී තිබූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ උපන්දිනයන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ ක්‍රීඩක විවේකාගාරයේදී සමරමින්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලුම දෙනා එක්ව සිටි බවයි වාර්තා වුණේ.