― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපිරිසකට විතරක් බදු සහන ලබා දීමට සූදානම් නැහැ

පිරිසකට විතරක් බදු සහන ලබා දීමට සූදානම් නැහැ

තමන්ගේ සාක්කුවට පමණක් මුදල් දමා ගැනීම වෙනුවෙන් වූ බදු සහන ලබා නොදෙන බවත් තරුණ ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් හොඳ ආර්ථිකයක් ඇති කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ ‘ඝෙම් Sරි ළන්ක 2024’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

අප පුරුදුව සිටින්නේ බදු සහන ඉල්ලීමටයි. නමුත් එම සහන සියල්ල ලබාදී අප මෙම ක්ෂේත්‍රයෙන් බිලියනයක්වත් උපයා ගෙන නැහැ. ඒ කියන්නේ සහන ලබාදීම අසාර්ථක වී තිබෙනවා. ඒසේ නම් කළයුතුව තිබෙන්නේ සහන ලබාදෙන අතරම මෙම කර්මාන්තය දියුණු කිරීමයි. මේ කර්මාන්තයේ සිටින සියලුදෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් කළයුතුයි. ඒ වගේම මැණික් ඔප දැමීමේ නිරතව සිටින පිරිස්වල ද දැනුම වර්ධනය කළ යුතුයි.

තමන්ගේ සාක්කුවට විතරක් මුදලා දමා ගැනීම වෙනුවෙන් බදු වලින් නිදහස් කරන්න කියන යෝජනාවට මම නම් එකඟ නැහැ. මගේ අරමුණ ඊළග වසර දෙක තුළ මෙම කර්මාන්තය විශාල දියුණුවකට ගෙන ඒමයි. විශේෂයෙන් බේරුවල, රත්නපුර ඒ වගේම ලග්ගල යන ප්‍රදේශවල සියලුදෙනාට එහි වාසිය ලැබිය යුතුයි. රටට වගේම ක්ෂේත්‍රයේ සියලුදෙනාට සෙතක් විය යුතුයි.

මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය දැවැන්ත කඩා වැටීමකට ලක් වුණා. අපට ඉන්ධන තිබුණේ නැහැ. පොහොර තිබුණේ නැහැ. ආහාර ලබා ගැනීම අසිරු වුණා. පැය 10ක් 12ක් විදුලිය කප්පාදු කෙරුණා. අප දැන් ඒ සියල්ල නැවත ජනතාවට ලබාදී තිබෙනවා. දැන් විදේශ විනිමය තිබෙන නිසා අපට එසේ කිරීමට හැකි වී තිබෙනවා. මෙම විදේශ විනිමය අප අපනයනයෙන් ලබාගත් ඒවා නොවෙයි. ඒවා අපට ලැබුණේ ලෝක බැංකුව වැනි ආයතන හා සංවිධානවලින්. 2022 ඇමරිකා ආණ්ඩුවෙන් තමයි අපට අවශ්‍ය පොහොර ටික සපයා දුන්නේ. නමුත් අපට හැමදාම මේ ආකාරයට යැපෙන්න බැහැ. හැමදාම රටවල්වලින් ආධාර ඉල්ලන්න බැහැ. අපට අවශ්‍ය විදේශ විනිමය අප උපයාගත යුතුයි. ඒ සඳහා මෙරට ආර්ථිකය සූදානම් කළ යුතුයි.

පොරොන්දු ලබාදීමෙන් මේවා කරන්න බැහැ. විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය අලුත් ආර්ථිකයක් රට තුළ ඇතිකළ යුතුයි. එය අපනයන ආර්ථිකයක් විය යුතුයි. මේ කුඩා ප්‍රදේශයෙන් අපට ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා එක අතකින් මැණික් කර්මාන්තයෙන් ආදායම් ලැබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් ද ආදායම් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. එක් පැත්තකින් බේරුවල, අලුත්ගම සිට ගාල්ල දක්වා ධීවර කර්මාන්තය තිබෙනවා. මෙය ලෝකය සමඟ ගනුදෙණු කරන නගරයක්. ඒ වගේම ලෝකය සමග තරග කරන නගරයක්. අපේ රටේ අනෙක් ප්‍රදේශද මේ අන්දමින් සැලසුම් කළ යුතුයි.

අප රටක් ලෙස ඉදිරියට යනවා නම් අපේ උත්සාහයෙන් විදේශ විනිමය උපයා ගත යුතුයි. ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ප්‍රතිඵල තිබෙන්න ඕන. මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළ හොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා.

අද රටේ සියලු පුරවැසියන් ජීවන වියදම පිළිබඳ ගැටළුවකට මුහුණ දී සිටිනවා. අපි සියලුදෙනා එකතුව රටේ සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව ඉදිරියට ගියහොත් වසර 02ක් යන විට මෙම තත්ත්වයෙන් නිදහස් වීමට හැකි වන බව මම විශ්වාස කරනවා. එසේ ගොඩනගන මේ රටේ අනාගතයේ වාසිය හිමි වන්නේ මට නොවෙයි. එම වාසිය ලැබෙන්නේ මෙරට තරුණ ප්‍රජාවටයි. එම තරුණ ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් හොද ආර්ථිකයක් අපි ඇති කරනවා කියා මම ප්‍රකාශ කරන්න කැමතියි.”