― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsපෙර පාසල් ගුරුවරියන්ට 2,500ක දීමනාවක්

පෙර පාසල් ගුරුවරියන්ට 2,500ක දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගත් පුහුණු වූ පෙර පාසල් ගුරුවරියන් 18,333ක් සඳහා රුපියල් 2,500ක දීමනාවක් මේ වසරේ සිට ලබාදීමට කටයුතු කරනු ලබන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පවසනවා.

ඒ අනුව ‘ගුරු අභිමානී’ වැඩසටහන යටතේ එක් ගුරුවරියකට රුපියල් 2,500ක් බැගින් ලබා දීම සහ එම ප්‍රමාණය මේ වසරේදී කෙසේ හෝ වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරිය එහිදී සඳහන් කළේ.

ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

දරුවෙකුට ඉගැන්වීම යනු වෙනමම කාර්යයක් බැවින් ඒ පිළිබඳ මනා අවබෝධයක් පෙර පාසල් ගුරුවරුන්ට මේ වන විට ලබා දී ඇති අතර 2024ට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නැතත් අලුතින් බැඳුණු පෙර පාසල් ගුරුවරුන්ට ද විශේෂ වැඩසටහනක් යටතේ පුහුණු කිරීමට නියමිත බවයි ඇය කියා සිටියේ.

රටේ මුළු පෙර පාසල් සංඛ්‍යාව 19,216ක්ද, මුළු පෙර පාසල් ගුරුවරියන් ගණන 37,000ක් ද, තවත් උපාධිධාරි පෙර පාසල් ගුරුවරියන් 29,000ක් සිටින බවද පෙර පාසල් සිටින මුළු ළමයින් ගණන 585,000ක්ද අමාත්‍යවරිය පැවසුවා ය.