32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේලක්

පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේලක්

සියලු පෙර පාසල් දරුවන් සඳහා පූර්ණ උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය කියා සිටියේ යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) මඟින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන බවයි.

120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට දීමට එක් දරුවකුට වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇති බවත් අමාත්‍යවරිය එහිදී පැවසුවාය.

ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙළෙන බැවින් ප්‍රෝටීන් සහිත ආහාර වේලක් දීමට සැලසුම් කර තිබෙන බවයි ඇය අවධාරණය කළේ.