පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේ නිල ඇඳුමින් සැරසී හෙරොයින් ජාවාරම් කිරීම සඳහා පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරිය සඳහා පිටව යන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු සතුව තිබී රුපියල් 25000ක්, ජංගම දුරකථන දෙකක්, සිම්පත් දෙකක් බන්ධනාගාර නිල ඇඳුම් හා බන්ධනාගාර හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන තිබෙනවා.