29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමගී ප්‍රවාහන බස් රථවලට CCTV කැමරා

මගී ප්‍රවාහන බස් රථවලට CCTV කැමරා

දරුවන්ට බස් රථ තුළදී සිදුවන අපයෝජන වැළැක්වීම සඳහා ඉදිරියේදී බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පවසනවා.

ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදීයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

මෙලෙස CCTV කැමරා පද්ධති සවි කිරීම පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇති බවයි ඇය එහිදී සඳහන් කළේ.

මෙලෙස බස් රථවල CCTV කැමරා පද්ධති සවි කිරීම මගින් යම් දරුවෙකුට අපයෝජනයක් සිදු වුවහොත් එය සාක්ෂි සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද ඇය පැවසුවාය.