― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsයාපනයේ ගලි බවුසර්වලට GPS

යාපනයේ ගලි බවුසර්වලට GPS

GPS මගින් ගලි බවුසර් අධීක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

යාපනයේ මළපහ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස්ට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා.

යාපනයේ පෞද්ගලික ආයතන හරහා මලපහ බැහැර කිරීමේ කටයුතු සිදුකරන බවත්, බවුසර්වල පුරවා ඇති මළපහ නිසි ලෙස බැහැර නොකරන බවත් ඔවුන් ආණ්ඩුකාරවරියට දන්වා සිටියේය.

ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය ගැටලු ඇති කරමින් මහ ජනතාවගේ නිවෙස් අසළ මළපහ බැහැර කරන බවයි ඔවුන් ආණ්ඩුකාරවරිය හමුවේ පවසා ඇත්තේ.

මෙම ගැටලු අසා සිටි ආණ්ඩුකාරවරිය පහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට නියෝග කළේය.

1.GPS හරහා ගලි බවුසර් අධීක්ෂණය කිරීම.

2.අපද්‍රව්‍ය බැහැර කිරීමේ මෙහෙයුම්වල නිරත සියලුම ආයතන පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය.

3.මෙම කටයුතු සඳහා භාවිතා කරන බැනර්වල සමාගමේ නම, ලියාපදිංචි විස්තර ඇතුළු සියලුම තොරතුරු ප්‍රදර්ශනය කළ යුතුය.

4.පළාත් පාලන ආයතන විසින් ඔවුන් සඳහා විනය නීති ප්‍රකාශයට පත් කළ යුතුය.

5.රථවාහන පොලිසියේ සහයෝගය ඇතිව අදාළ බවුන්සර් නිරීක්ෂණය කළ යුතුය.