27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 863ක් කොටු

යුක්තියෙන් සැකකරුවන් 863ක් කොටු

පෙරේදා (11) අලුයම 12.30 සිට අද (12) අලුයම 12.30 දක්වා කාලය තුළ පොලිසිය විසින් ක්‍රියාත්මක යුක්තිය විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 24ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පුද්ගලයින් 19 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි පොලීසිය පවසන්නේ.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 303යි මිලි ග්‍රෑම් 384ක්, අයිස් ග්‍රෑම් 141යි මිලි ග්‍රෑම් 750ක්, ගංජා කිලෝ 10යි ග්‍රෑම් 565ක්, මාවා ග්‍රෑම් 542ක්, ගංජා පැල 66,0573ක් ඇතුළු තවත් විවිධ වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ද මෙහි දී හැකිව තිබෙනවා.