23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි බිල අඩුකිරීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩුකිරීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩුකිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

පවතින වර්ෂාවත් සමඟ ජල විදුලි උත්පාදනය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 96% ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර 2024 ජනවාරි මාසයේ දී විදුලි බිල අඩුකිරීම සඳහා වූ යෝජනා සම්බන්ධයෙන් වාර්තාව පෙරේදා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ වාර්තාව සකස් කර තිබෙනවා.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පසු බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් මෙමඟින් විශේෂයෙන් යෝජනා කර ඇති බවයි.