27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාම සාධක රාජකාරී සඳහා ගිය හෙලිකොප්ටරයක් අනතුරට

සාම සාධක රාජකාරී සඳහා ගිය හෙලිකොප්ටරයක් අනතුරට

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ පැවසුවේ එරට වේලාවෙන් අද (12) උදෑසන 9.30ට පමණ ගුවන් යානය ගොඩබෑමට යෑමේ දී ඇති වූ අයහපත් දූවිලි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් වන මෙහි ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.