31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසෞඛ්‍ය වැඩ වර්ජනය අදින් අවසන්

සෞඛ්‍ය වැඩ වර්ජනය අදින් අවසන්

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනය අද (12) පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් රුපියල් 35,000ක දීමනාවක් වෛද්‍යවරුන්ට ලබාදීමට ගත් තීරණයත් සමඟ එම දීමනාව තමන් වෙත ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට පසුගිය අඟහරුවාදා අවතීර්ණ වුණා.

ඊට අමතරව රෝහල් පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ (11) උදෑසන 6.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේ දී සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීමක් සිදු වූ අතර එම තත්ත්වය මඟ හරවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව රජයේ රෝහල් වෙත කැඳවීමටයි රජය කටයුතු කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද (12) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී පවතින තත්ත්වය සහ යෝජනා ඇතුළත් ලිපියක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කළේ.