26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsළමා ලාදුරු රෝගීන් 11%කින් ඉහළට

ළමා ලාදුරු රෝගීන් 11%කින් ඉහළට

2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ලාදුරු රෝගීන් හඳුනාගැනීම 10%කින් ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ ළමා ලාදුරු රෝගීන් 11%කින් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේදී ලාදුරු රෝගීන් 1550ක් හඳුනාගෙන ඇති බවත් ඒ අතර ළමා ලාදුරු රෝගීන් 173ක් හඳුනාගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොළඹ, මඩකලපුව, ගම්පහ, කළුතර, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 15ක ලාදුරු රෝගීන් හඳුනාගැනීම ඉහළ ගොස් තිබෙනවා. වසර 03කට පසුවයි කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ.

පසුගිය වසරේදී කොළඹ 315ක්, ගම්පහ 168ක්, මඩකලපුව 151ක්, කළුතර 116ක්, කුරුණෑගල 80ක්, ගාල්ල 75ක්, පොළොන්නරුව 47ක්, මාතර සහ අම්පාර 70 බැගින්, අනුරාධපුරය සහ රත්නපුරය 61 බැගින්, පුත්තලම සහ හම්බන්තොට 57 බැගින් වැඩිම රෝගීන් හඳුනාගෙන තිබේ.

එමෙන්ම ළමා ලාදුරු රෝගීන් කොළඹ 45ක්, මඩකලපුව 23ක්, ගම්පහ 16ක්, කුරුණෑගල 12ක්, කළුතර 08ක් වශයෙන් වැඩිම රෝගීන් වාර්තා වී ඇති බවයි වෛද්‍යවරයා පැවසුවේ.