― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot NewsTIN අංකය ගන්න දිනකට අයදුම්පත් 25,000ක්

TIN අංකය ගන්න දිනකට අයදුම්පත් 25,000ක්

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම සඳහා දිනකට පුද්ගලයන් 25,000ක් පමණ ලියාපදිංචි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී.චන්දන පවසනවා.

මේ අනුව සතියකට පුද්ගලයන් ලක්ෂයක් හෝ ඊට ආසන්න පිරිසක් ලියාපදිංචි වන බවයි ඔහු කියා සිටියේ.

ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ටින් අංකය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් ලියාපදිංචි වන්නේ මාර්ගගත (online) ක්‍රමය හරහා බවත් මීට අමතරව බොහෝ දෙනෙකු දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලටද පැමිණ අදාළ අයදුම්පත් පුරවා බාරදෙන බවත්ය.

මේ වනවිට දළ වශයෙන් මිලියන දෙකකට වැඩි පිරිසක් ටින් අංකය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී තිබෙනවා. ඉන් මිලියනයක පමණ පිරිසක් 2023 දෙසැම්බර් 31 වැනිදා වන විටදී ලියාපදිංචිවී සිටි බවයි ඔහු සඳහන් කළේ.