― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉදිරියේදී ඩිජිටල් පාසල් 3000ක් - ඇමති සුසිල්

ඉදිරියේදී ඩිජිටල් පාසල් 3000ක් – ඇමති සුසිල්

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගනිමින් ඉදිරියේදී ඩිජිටල්කරණය වූ පාසල් 3000ක් ඇති කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ලංකා ඊ ඩොක් ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ලංකා ඊ ඩොක් හා ඉන්දියාවේ ඇපලෝ රෝහල සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

මේ තුළින් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාව සමඟ පහසුවෙන් එක්වීමට ශ්‍රී ලංකාවට හැකියාව හිමිවන අතර, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ඉන්දියාව ඇතුළු රටවල වෛද්‍යවරුන් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකියව ලැබෙනවා.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය ගොඩනැගීම සායනිකව උපදෙස් මෙන්ම, සෞඛ්‍ය උපදෙස් ලබාදීම, මේ සියල්ල පහසුවෙන් ඉටු කිරීමේ හැකියාව ද උදාවෙනවා.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතා දියුණු තාක්ෂණයක් භාවිත කරන ඇපලෝ රෝහලේ තාක්ෂණික සහාය ද හිමිවීම විශේෂත්වයක්.

මෙම උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් අවශ්‍යව ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය සම්පත් මධ්‍යස්ථාන 100ක් රට පුරා ඇති කරන අතර, එසේම වෛද්‍යවරුන් සඳහා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට online ඉගෙනුම් මධ්‍යස්ථාන ක්‍රමය ගොඩනැගෙනවා.මේ සියල්ල සඳහා ම ඉන්දියාවේ තාක්ෂණ සහය භාවිත කරනවා. මේ අයුරින් ක්‍රියා කිරීමෙන් නිදහස් අධ්‍යාපනය මෙතෙක් ලබා නොගත් ප්‍රයෝජන ද ගත හැකියි.”