27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩෙන්මාර්කයේ නව රජු කිරුළු පළඳියි

ඩෙන්මාර්කයේ නව රජු කිරුළු පළඳියි

ඩෙන්මාර්කයේ නව රජු ලෙස දසවන ෆෙඩ්රික් රජු කිරුළු පළඳා තිබෙනවා.

වසර 52ක කාලයක් ඩෙන්මාර්කයේ රැජින ලෙස කටයුතු කළ ඔහුගේ මව වන මාග්‍රෙත් රැජින රජකම අතහැරීමෙන් පසුවයි ඔහු ඊයේ (14) කිරුළු පළඳා ඇත්තේ.

කිරුළු පැළඳීමෙන් පසු දසවන ෆෙඩ්රික් රජු කඳුළු සලමින් පවසා ඇත්තේ තමන් රාජ්‍යය අනාගතය සඳහා ‘එක්සත් කරන රජෙකු’ වීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම වසර 52ක් ඩෙන්මාර්කයේ රැජින ලෙස කටයුතු කළ තම මව ‘අසාමාන්‍ය’ නායිකාවක් ලෙස සැමවිටම මතකයේ රැඳෙනු ඇති බවයි නව රජු තවදුරටත් පවසා ඇත්තේ.

ඩෙන්මාර්කයේ නව රජු දැකබලා ගැනීම සඳහා ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාලිගාවෙන් පිටත විශාල පිරිසක් ඩෙන්මාර්ක ධජය සහිතව ඒකරාශිව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නව රජු සහ බිසව මාලිගාවේ පිටත සඳළුතලයට පැමිණ සිප ගන්නා විට රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂාකරමින් සතුට සැමරූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.