දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේදී අද (15) දහවල් බස් රථයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල ධාවනය වන සුඛෝපභෝගි බස් රථයක් බවයි වාර්තා වන්නේ.
පොලීසිය පැවසුවේ මෙම අනතුරින් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති බවයි.





