චුන්නාකම් පොලිස් වසමට අයත් මයිලන්කාඩු ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත දැරියගේ මහප්පා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියගේ මව්පියන් නිවසේ නොමැති අවස්ථාවක සැකකරු සිසිල් බීමකට නිර්වින්දන ඖෂධයක් මිශ්‍ර කර දැරිය දූෂණය කර ඇති බව සඳහන්.
මෙම සිද්ධියේදී චුන්නාකම් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ඇති අතර එම පුද්ගලයා මානසික රෝගියෙකු බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් එය තහවුරු වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.
දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.