32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපයාගල වෙරළේ තරුණයෙකුගේ මළ සිරුරක්

පයාගල වෙරළේ තරුණයෙකුගේ මළ සිරුරක්

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් පයාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් අද (15) දහවල් හමු වී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකුගේ මළ සිරුරක් බවයි පයාගල පොලිසිය සඳහන් කළේ.

මොහු පයාගල, පැලපොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ඊයේ (14) පස්වරුවේ සිය මිත්තණියගේ නිවසට යන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මළ සිරුර සම්බන්ධයෙන් වන මූලික මරණ පරීක්ෂණය අද (15) පෙරවරුවේ සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබෙනවා.

මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මියගියේ ද නැත්නම් වෙනත් ආකාරයකට මිය ගියේ ද යන්න පිළිබඳව පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.